මන්නාරම් වෙරළේදී මිලියන 20 කට ආසන්න කේරල ගංජා අත්අඩංගුවට

ජන 31, 2021

    මන්නාරම මාන්තෙයි ප්‍රදේශයේදී සඟවා තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ කිලෝ 67 ග්‍රෑම් 500 ක් තිබී ඊයේ (30) දින සොයාගත් බවට නාවික හමුදාව පවසි.

    උතුරුමැද නාවික විධානයේ නිලධාරීන් පිරිසක් විසින් මාන්තෙයි මුහුදු වෙරලේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී කැලෑවේ ස්ථාන දෙකකදී ගෝනී තුල සඟවා තිබූ අදාළ කේරල ගංජා තොගය සොයා ගෙන ඇත.

    එහිදී ගෝනි දෙකක් තුළ පාර්සල් 32ක අදාළ කේරල ගංජා තොගය හමුවී ඇති අතර, සොයාගත් කේරල ගංජා රැගෙන ආ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරණයවී නොමැත.

    මෙම කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මගින් බොට්ටු වලින් මාන්තෙයි මුහුදු වෙරළට රැගෙනවිත් මෙලෙස මුහුදු වෙරළේ සැඟවීමට ජාවාරම්කරුවන් පියවර ගෙන ඇති බවට නාවික හමුදාව සැක පලකර සිටියේය.

    සොයාගත් කෝරල ගංජා තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා වංකාලෙයි පොලීසිය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.

    Latest News