ස්වයං නිරෝධායනය වන පිරිස් නිරීක්ෂණයට පොලිස් නිලධාරීන් යෙදවේ

ජන 31, 2021

    ස්වයං නිරෝධයනයට යොමුකර ඇති පුද්ගලයින් නිසි පරිදි සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන්නේ දැයි නිරීක්ෂණය සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් අනුයුක්ත කර තිබේ.

    නිරෝධයනයට යොමුකළ පිරිස් එම ස්ථානයෙන් බැහැරට යන බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

    මේ අනුව ඊයේ (30) දින සිට විශේෂ පොලිස් මෙහෙයුමක් ඒ සඳහා ක්‍රියාත්මක වන බව ද පැවසු පොලිස් මා‍ධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ ස්වයං නිරෝධායනවන පුද්ගලයින් එම ස්ථානයෙන් පිටව යෑම හෝ පිටත පුද්ගලයෙක් නිරෝධායනයවන ස්ථානයට ගෙන්වා ගැනීම නිරෝධායනය රීතින් යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

    ඊයේ (30) දිනයේ නිරෝධායන නීතින්ට පටහැනිව කටයුතු කළ පුද්ගලයින් 52ක් අත්අඩංගුවට ගෙන ඇත.

    Latest News