සරුංගල්, බැලුන් හා ඩ්‍රෝන පියාසර කරවීමෙන් වළකින්න - ගුවන් හමුදාව

ජන 30, 2021

    සරුංගල්, බැලුන් හා ඩ්‍රෝන යානා මේ දිනවල පියාසර කරවීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    ඒ, 73 වැනි නිදහස් සැමරුමේ පෙරහුරු කටයුතු හේතුවෙනි.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ, පෙරහුරු කටයුතු වෙනුවෙන් ගුවන් යානා පහළින් පියාසර කරන බවි.

    මේ හේතුවෙන් සරුංගල්, ඩ්‍රෝන යානා සහ බැලුන් වැනි දෑ පහළින් පියාසර කරන යානාවලට අනතුරුදායක විය හැකි බව ගුවන් හමුදාව පෙන්වා දෙයි.

    Latest News