"උසස් පෙළ ප්‍රතිඵල අප්‍රේල් මුල් සතියේ"

ජන 29, 2021

    අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අප්‍රේල් මස මුල් සතියේ නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

    ප්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව එළඹෙන සැප්තැම්බර් මාසය වන විට නවක සිසු සිසුවියන් විශ්වවිද්‍යාලයන්ට ඇතුළත් කර ගැනීමටද අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට සැලසුම් කරමින් සිටින බවත් කොළඹදී ඊයේ (28) පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

    Latest News