දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි (වීඩියෝ)

ජන 28, 2021
  • දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (28) යෙදී තිබේ.

    ඕනෑම වසරක මුල් මාසය එනම් ජනවාරියේ යෙදෙන පොහොය දිනය ලාංකික බෞද්ධ ජනතාවට බොහොම වැදගත් එකක් වේ.

    බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය හා යක්‌ෂ හා නාග අරගලය සමතයකට පත් කර දමනය කළේ ද අද වැනි දිනකයි. එමෙන්ම බුදුන් වහන්සේගේ කේශ ධාතු මිට පරිත්‍යාගය සිදුවූයේ අදවන් දිනයකි. දහම් ඇසීමට රැස්වූ පිරිස අතර සිටි සමන්ත කූට පර්වතවාසී සුමන සමන් දෙවියෝ සෝවාන් ඵලයට පත් වූ බව සඳහන් වෙනවා. ජනී ජනයාට වන්දනාමාන කර ගැනීමට යම් පූජා වස්තුවක් ඉල්ලා සිටි අතර, බුදුන් වහන්සේ හිස අතගා කේශධාතු මිටක් සමන් දෙවියන් හට පරිත්‍යාග කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

    එමෙන්ම මහියංගන චෛත්‍යය ඉදිකිරීම සිදුවූයේ ද ප්‍රථම ආරාම පුජාව සිදුවූයේ ද අදවන් දිනයකයි.

    අද දිනයේදී බෞද්ධ ආගමික කටයුතු සිදු කිරීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කළයුතු බව සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 ජනවාරි 2021 22:30

    Latest News