නව වසර උදාවත් සමඟ පළමු පුර පසළොස්වක පොහෝ දිනය අදයි.
සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වයට පත්ව නව මසකින් සිදු වූ බුදුරදුන්ගේ පළමු ලංකාගමනය, උරුවෙල් දනව්වේ ජටිල දමනය, ලක්දිව ප්රථම වරට ත්රිපිටකය ග්රන්ථාරූඪ කිරීම වැනි සුවිශේෂ ඓතිහාසික සිදුවීම් රැසක් සිදු වූ මේ දවස සකල ලෝකවාසි බෞද්ධයන් ඉතා භක්තියෙන් යුතුව සමරනු ලබයි.
අද දිනයේ දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථානවල විශේෂ ආගමික වතාවත් සිදුකෙරනවා.
මහියංගනයට වැඩම කළ බුදුන්වහන්සේ යක්ෂයන් දමනය කිරීම අද වැනි දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්.
බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් සුමන සමන් දෙවියන්ට කේශ ධාතු මිටක් ලබාදීම ද දුරුතු පෝදා සිදු වූ බව සඳහන්.
තුන්බෑ ජටිලයන් දමනය කිරීමත්, බිම්බිසාර රජතුමා වේළුවනාරාමය බුදු සසුනට පූජා කිරීමත් සිදුවී ඇත්තේ ද අද වැනි දුරුතු පොහෝ දිනයක බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.