අද සිට වැසි තත්වයේ තරමක වැඩිවීමක්

ජන 28, 2021

    අද (28) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇතිවේ.

    නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තදවැසි ද ඇතිවිය හැකිය.

    වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    Latest News