බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්නට කොවිඩ්

ජන 25, 2021

    ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩකයකු වන නිලූක කරුණාරත්නට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

    ඔහුට මේ වනවිට දරුණු රෝග ලක්‍ෂණයක් පෙන්නුම් කර නොමැති අතර ඔහු සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් ස්වයං නිරෝධායනය වී ඇති බව වාර්තා වෙයි.

    මෙයට පෙර ඔහුගේ බාල සොහොයුරු වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නවක ක්‍රීඩක චාමික කරුණාරත්නට කොරෝනා ආසාදනය වී තිබූ හෙයින් නිලූක ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනා පී.සී.ආර්. පරීක්‍ෂණක් සඳහා පෙනී සිට ඇත.

    එම පී.සී.ආර් වාර්තාව අනුව ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන ඇත.

    Last modified on සදුදා, 25 ජනවාරි 2021 15:04

    Latest News