කොළඹ වරායේ සියලු ආනයන නිෂ්කාශන කටයුතු අන්තර්ජාලයෙන්

ජන 25, 2021

    කොළඹ වරායේ සියලු ආනයන නිෂ්කාශන කටයුතු අන්තර්ජාල පහසුකම් යටතේ විද්‍යුත් ගෙවීම් ලෙසින් සිදුකිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවර ගනී.

    වරාය භාවිත කරන්නන් හට සිය නිවෙස්වල හෝ ඔවුන්ගේ කාර්යාල පරිශ්‍රයන්ගේ සිට ගෙවීම් සිදුකර, කොළඹ වරාය පරිශ්‍රයේ නිෂ්කාශන කටයුතු සිදුකර ගැනීමට ඉන් අවකාශ සලසා තිබේ.

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ උපදෙස් මත ක්‍රියාවට නැංවෙන මෙම විශේෂ පහසුකම් තුළින් වරාය භාවිත කරන්නන්, ප්‍රේෂණලාභීන් හට කිසිදු අපහසුතාවයකින් තොරව සිය වරාය ගෙවීම් කටයුතු පහසුවෙන් සිදු කිරීමට හැකියාව පවතී.

    පූර්ණ හා අර්ධ බහලු නිෂ්කාශනය කිරීමේ දී විද්‍යුත් ක්‍රමවේද ඔස්සේ ගෙවීම් සිදුකිරීමට අදාල නිෂ්කාශන ආයතන හරහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෙබ් අඩවිය වෙත පිවිස සිය සේවාවන් ඉටු කර ගැනීමට සියලු පහසුකම් සලසා ඇත.

    Latest News