වතු කම්කරු දෛනික වැටුප රු.750 දක්වා ඉහළට

ජන 25, 2019

    වතු කම්කරුවන්ට රුපියල් 750ක දීමනාවක් සහිත දෛනික වැටුපක් ලබාදීමට එකඟතාවකට පැමිණ තිබේ.

    ඒ, රවීන්ද්‍ර සමරවීර, නවීන් දිසානායක යන අමාත්‍යවරුන් සහ වතු හාම්පුතුන් සමඟ අද පැවති සාකච්ජාවකදී. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු හාම්පුතුන්ගේ සංගමය හා රජය සමඟ සාකච්ජා වට කිහිපයක් පැවැත්විණ.

    එහෙත්, හාම්පුතුන්ගේ සංගමය රුපියල් දහසකින් වැටුප් වැඩි කිරීමට එකඟ නොවූ බැවින්, දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊට විරෝධතා සංවිධාන කෙරිණ. වැඩවර්ජන ද ක්‍රියාත්මක කළ වතු කම්කරුවන් රජයේ ඉල්ලීම පරිදි යළි සාකච්ජා මාර්ගයට යොමු විය. එහෙත් ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා ගැනීමට දෙපාර්ශ්වය අතර පැවති සාකච්ජාවලදී හැකි වුණේ නැහැ.

    අනතුරුව ඒ සම්බන්ධයෙක් කම්කරු අමාත්‍යාංශයේ දී වතු කම්කරුවන්, හාම්පුතුන්, කම්කරු කොමසාරිස්වරයා සහ වතු වෘත්තීය සමිති එක්ව අද සාකච්ජාවක නිරත වූහ. එහිදී වතු කම්කරු වැටුප රුපියල් 750ක් දක්වා වැඩි කිරීමටයි එකඟ වී ඇත.

    Latest News