නිදහස් උළෙලට රථවාහන සැලැස්මක්

ජන 25, 2019

    71 වැනි නිදහස් උළෙල හා ඊට අදාළ පෙරහුරු පැවැත්වෙන දිනවල කොළඹ නගරයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව, පොලිසිය පවසනවා.

    ලබන 26,27,31 සහ පෙබරවාරි 1,2,3, යන දිනවල පෙරහුරු පැවැත්වීමට නියමිතයි. එම දිනවල උදෑසන 6.30 සිට එය අවසන් වනතෙක් කොල්ලුපිටිය මංසන්ධිය, කොළඹ කොටුව සෙරමික් ලෝටස් හන්දිය දක්වා වන මාර්ගය වසා තැබේ. එම කාලය තුළ කොළඹ නගරයට ඇතුළුවීමේදී විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි, පොලිස් මූලස්ථානය රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

    පුහුණු පෙළපාලි කාලයේ කොල්ලුපිටිය හන්දියේ සිට ගාලු මුවදොර වටරවුම, ගෝල්ෆේස් හෝටලය දක්වා ඇතුළුවීමට අවසර හිමිවන්නේ පදිංචිකරුවන්ට හා ආයතනවල සේවකයන්ට පමණයි. ගාලු මැද පාරේ පිහිටි හෝටල්වලට මාකන් මාකර් මාවතින් හා පරණ යුද හමුදා මූලස්ථානයේ ඉදිකර ඇති මාර්ගයෙන් ප්‍රවේශ විය හැකියි.

    Latest News