නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ සංශෝධනයක්

ජන 23, 2021

    ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය අවම සුදුසුකම් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම ගැසට් නිවේදනයට අනුව මේ වසරේ සිට නීති ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටිමේ අවම සුදුසුකම, අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සම්මාන සාමාර්ථ 2ක් සහ එක් සාමාන්‍ය සාමාර්ථ්‍යයක් දක්වා සංශෝධනකට ලක් කිරීම විශේෂත්වයකි.

    මීට පෙර නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටිමේ අවම සුදුසුකම ලෙස දැක්වුණේ, උසස් පෙළ විභාගයට සාමාන්‍ය සාමාර්ථ 3ක් ලබා තිබීමයි.

    මීට අමතරව විදේශීය විශ්වවිද්‍යාල වලින් නීති උපාධිය ලබා ගන්නා සිසුන්, විශේෂ තෝරා ගැනීමේ පරීක්ෂණයකින් පසුව මෙරට නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට පෙනී සිටිම සඳහා තෝරා ගැනීමට කටයුතු කරන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් විය.

    2024 වසරේ සිට නීති විද්‍යාල අවසන් වසර විභාගය ඉංග්‍රිසි භාෂාවෙන් පමණක් පැවැත්විය යුතු බවට මෙමගින් නියෝග කර තිබේ.

    Latest News