පොඩි ලැසීගේ සමීපතමයෙකු STF අත්අඩංගුවට

ජන 23, 2021

    සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසීගේ සමීපතමයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව මීටියාගල හරන්නාගල ප්‍රදේශයේදී සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

    අත්අඩංගුවටගත් සැකකරු සතුව තිබී චීනයේ නිෂ්පාදිත මිලිමීටර 09 වර්ගයේ පිස්තෝලයක්, රිවෝල්වර අවියක්, මිලිමීටර 09 වර්ගයේ උණ්ඩ 02 ක් සහ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මැගසින් 01 ක් සොයාගෙන තිබේ.

    සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මිටියාගොඩ පොලීසියට භාර දී ඇති අතර ඔහු අද (23) බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිති.

    Latest News