වලපනේ භූ කම්පනය පිළිබඳ සෙවීමට විශේෂ විමර්ශන කණ්ඩායමක්

ජන 23, 2021

    වලපනේ ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ.

    භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොළ මහතා සඳහන් කළේ අදාළ භූ කම්පනය ස්වාභාවිකව සිදු වූ බවට මූලික විමර්ශන වලින් අනාවරණයවී ඇති බවය.

    ඊයේ (22) අලුයම 03.30 ට පමණ වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 1.8 ප්‍රභලත්වයකින් යුත් සුළු භූ කම්පන තත්වයක් වාර්තා වී තිබිණ.

    Latest News