රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කාලය මාර්තු 31 දක්වා දීර්ඝ කෙරේ

ජන 23, 2021

    රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කාලය තවත් මාස 03කින් එනම් 2021 මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇති බව වාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    නව කොරෝනා වසංගත තත්වය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා පැමිණෙන රියදුරු බලපත්‍රලාභීන් යම් සීමාවකට යටත්ව රියදුරු බලපත්‍ර අලුත් කිරීම සිදුකෙරෙන හෙයින්, එසේ රියදුරු බලපත්‍ර කල් ඉකුත්වන රියදුරු බලපත්‍රලාභීන් මාර්ගයේ රිය ධාවනයේ දී සිදුවන අපහසුතාවයන් මගහැරලීම සඳහා (මෝටර් රථ පනතේ 203 වන වගන්තිය) තවත් මාස 03 ක කාලයක් දීර්ඝ කර ඇත.

    එනම් මින්පෙර 2020 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබූ රියදුරු බලපත්‍ර අලුත්කර ගැනීමේ කාලය 2021 මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇත.

    Latest News