බයිඩන් දිවුරුම්දීමේ පෙරහුරුව නවතී

ජන 19, 2021

    හදිසියේ මතුවු ආරක්ෂක අවදානම් තත්වයක් හේතුවෙන් අමෙරිකාවේ නව ජනාධිපති දිවුරුමු දීමේ උත්සවයේ පෙරහුරුව නවතා දැමීමට සිදුව තිබේ.

    උත්සවය පැවැත්වෙන වොෂින්ටනයේ කැපිටල්හිල් ගොඩනැගිල්ලට ආසන්න ස්ථානයකින් ගින්නක් වාර්තා වීම ඊට හේතුවයි. මේ මස 6 වැනිදා ජනාධිපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කැපිටල්හිල් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පහර දීමේ සිද්ධියෙන් පසු අගනුවර ආරක්ෂාව තර කර තිබේ.

    නව ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දීමේ උළෙල හෙට පැවැත්වීමට නියමිතයි.

    ඒ පෙර නොවූ විරූ පරිදි දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ. ගින්නක් පිළිබඳ වාර්තා වීමත් සමග පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය වසා දමා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණ. බයිඩන් දිවුරුම් දීමේ උත්සවය හා සමගාමීව ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරනු ඇතැයි බියක් පවතියි. ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on අඟහරුවාදා, 19 ජනවාරි 2021 11:22

    Latest News