කොළඹ තදබදයට විසඳුමක් දුන් 'පාර්ක් ඇන්ඩ් රයිඩ්' (වීඩියෝ)

ජන 19, 2021
  •  ()කොළඹ නගරය ආශ්‍රිත රථ වාහන තද බදයට පිළියමක් ලෙස හඳුන්වා දුන් පාර්ක් ඇන්ඩ් රයිඩ් බස් රථ සේවය අද සිට ක්‍රියාත්මකයි.

    ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මගීන් සිය සතුට පළ කරයි. බස් රථ සේවය පසුගිය සිකුරාදා නිල වශයෙන් ආරම්භ කෙරුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙම සේවාව කොට්ටාව,මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මකයි.

    තම පෞද්ගලික රථ මගින ගමන් ගන්නා මගීන්ට සුව පහසු මෙන්ම ආරක්ෂිත පොදු ප්‍රවාහන බස් රථ සේවාවක් සැපයීම මෙහි එක් අරමුණක්. මේ අතරම කොළඹ හා තදාසන්න නගර වෙත ගමන් කරන වාහන සංඛ්‍යාව අවම කිරීම තවත් අරමුණක් වෙයි. පරිසර දූෂණය, ගමනට ගත වන කාලය සහ මගීන්ගේ මානසික පීඩනය අවම කිරීම ද මින් අපේක්ෂිතයි.

    මෙහිදී ආසන ගණනට පමණක් මගීන් රැගෙන යන අතර සේවා සඳහා යොදා ගැනෙන්නේ සුඛෝපභෝගී බස් රථ පමණයි.


    උදෑසන 6.00 සිට 8.00 දක්වා සහ පස්වරු 4.00 සිට රාත්‍රී 9.00 දක්වා විනාඩි 15කට වරක් බස් රථ ධාවනය කෙරේ. උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බස් රථ ධාවනය කෙරෙන්නේ, විනාඩි 25කට වරක්.

    Last modified on අඟහරුවාදා, 19 ජනවාරි 2021 10:36

    Latest News