කටුනායක ගුවන් තොටුපලේ ආරක්‍ෂක පිරික්සුම් මෙහෙයුම් සඳහා පුහුණුව ලත් සුනඛයින් යෙදවීමට පියවර (වීඩියෝ)

ජන 15, 2021
  • කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආරක්‍ෂක පිරික්සුම් මෙහෙයුම් සඳහා පුහුණුව ලත් සුනඛයින් යෙදවීමට පියවර ගෙන තිබේ.

    ගුවන් තොටුපළේ ආරක්‍ෂාව තවදුරටත් තහවුරු කිරීම මෙහි අරමුණයි. ගුවන් භාණ්ඩ ලෙස සහ ගමන් මළුවල රහසිගතව රැගෙන යා හැකි පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ආදිය පහසුවෙන් හඳුනා ගැනීමට හැකි පරිදි විශේෂ හැකියාව ඇති සුනඛයින් 20 දෙනෙක් පුහුණු කර තිබේ. ඒ, ශ්‍රී ලංකා පොලිස් පුහුණු පාසලේදී. මෙම සුනඛයින් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් සත්‍ය නියැදි යොදා ගනිමින් පවත්වන ලද ප්‍රායෝගික පරීක්‍ෂණයකට ද ලක්කර තිබේ.

    සුනඛ කණ්ඩායම ආරක්‍ෂක පුහුණුව නිමකර විසිරයාමේ උත්සවය කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පසුගියදා පැවැත්විණ.

    Last modified on සෙනසුරාදා, 16 ජනවාරි 2021 02:30

    Latest News