යටියන්තොට රිය අනතුරින් 2ක් ජිවිතක්‍ෂයට

ජන 15, 2021

    යටියන්තොට බුලත්කොහුපිටිය මාර්ගයේ කැළණිවත්ත ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරවනැල්ල මුලික රෝහලට ඇතුලත් කර තිබේ.

    යටියන්තොට සිට බුලත්කොහුපිටිය දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයක ප්‍රතිවිරුද්ධ දෙසට අධික වේගයෙන් ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් වේගය පාලනය කරගත නොහැකිව පෙරලී විත් ගැටීමෙන් අනතුර සිදුව ඇත.

    අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 23 හා 24 යන වයස්වල දෙදෙනෙකි. අනෙක් දෙදෙනා තුවාල ලබා කරවනැල්ල මුලික රෝහලට ඇතුලත් කර තිබේ. යටියන්තොට පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

    Latest News