රත්නපුර ව්‍යවසාකයන්ටත්;තුරුණු දිරියෙන් ණය

ජන 24, 2019

    තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ, රත්නපුර දිස්ත්‍රික්කය ව්‍යවසායක ණය 79ක් නිකුත් කරමින් සියලු දිස්ත්‍රික්ක අතර පෙරමුණ ගෙන තිබේ.

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ, ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි. සබරගමුව පළාත තුළ පමණක් මෙතෙක් නිකුත් කර ඇති මුළු ණය සංඛ්‍යාව 495ක්. එහි වටිනාකම රුපියල් මිලියන 210කට ආසන්නයි.

    ණය යෝජනා ක්‍රමය පිළිබඳ ලංකා බැංකුව මගින් ඉදිරිපත් කළ ප්‍රගති සමාලෝචන වාර්තා ඇසුරින් ඊයේ මේ බව අනාවරණය වුණා. මෙම ණය යෝජනා ක්‍රමය දිවයිනේ සෑම පළාතකම තරුණ ව්‍යවසායකයින් අතර ජනප්‍රිය වී තිබේ. ලිහිල් ඇප ක්‍රමය, අවම පොලී අනුපාතයක් සහ තවත් සහන රැසක් හිමිවීම ඊට හේතුවයි. දිවයින පුරා විවිධ ව්‍යාපාරවල නියැලී සිටින තරුණ ව්‍යවසායකයින් උදෙසා මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී තිබීම විශේෂත්වයක්. ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන්නේ, ලංකා බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් එක්වයි.

     

    Latest News