බදුල්ල ගැටුමේ සැකකරුවන් අධිකරණයට

ජන 24, 2019

    බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගණයේ ඊයේ රාත්‍රී පැවති සංගීත ප්‍රසංගයක දී ගැටුමක් ඇති වී තිබේ.

    ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි, පොලීසිය පවසන්නේ. ඔවුන් අද බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ප්‍රේක්ෂකයින් ප්‍රසංගය පැවති වේදිකාවට ගල් ගැසීම හේතුවෙන්, එය නවතා දැමීමට පොලීසිය ක්‍රියා කළා. එහි දී ඇති වූ ගැටුමක දී සියලුදෙනා ඉවත් කිරීමට පොලීසියට සිදුවුණා. මෙහි දී පොලිස් නිලධාරීන් මෙන්ම පැමිණ සිටි පිරිසට ද තුවාල සිදුවී තිබේ.

    Latest News