ඉන්දීය විදේශ ඇමති දිවයිනට

ජන 05, 2021

    ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා දිවයිනට පැමිණියේය. ඒ නව වසරේ මෙරටට පැමිණි පළමු රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙසින්.

    ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා දෙදින නිල සංචාරයක් සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අද (05) පස්වරුවේ දිවයිනට පැමිණියේය. ඔහු සමග ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙක් ද පැමිණ සිටියි.

    පිරිස පිළිගනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා හා විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් විසින්.

    ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය.

    ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපතිතුමා,අගමැතිතුමා හා විදේශ අමාත්‍යවරයා ඇතුලු ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨයන් හමුවේ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

    Latest News