සංචාරයට හොඳම රටවල් 23 අතරට ශ්‍රී ලංකාවත්

අප්‍රේ 05, 2023

    ෆෝබ්ස් ව්‍යාපාරික සඟරාව, මේ වසරේ ‍ලොව සංචාරය කළ යුතු ප්‍රමුඛතම සංචාරක ගමනාන්ත 23 අතරට, ශ්‍රී ලංකාව එක් කර තිබෙනවා.

    ඒ, සංචාරක විශේෂ ඥයින්ගේ මත විමසීමකින් අනතුරුවයි.එමී සම්මානය දිනූ සංචාරක කාන්තාවන් වන ජූලියානා  බ්‍රොස්ටේ , ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා හේතු සපයා තිබුණා. කොළඹ අගනගරය, අලංකාර වෙරළ තීර, කෙත් යාය, දිය ඇලි, තැනිතලා, කඳුකර අත්දැකීම් ඇතුළුව මෙරට සුන්දරත්වය පිළිබඳවත් ඇය සඳහන් කර තිබෙනවා.

    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය විසින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ලොව පුරා ප්‍රචලිත කිරීම සඳහා මහඟු මෙහෙවරක් ඉටු කරනු ලබනවා.

    එම කාර්යාංශය මීට වසර කිහිපයකට පෙරයි, ජූලියානා  බ්‍රොස්ටේ ට, ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා කර ඇයට පහසුකම් සලසනු ලැබුවේ.

    මෙරට සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනයක් ලබමින් සිටිනවා. රජයේ සහය ද ඊට ලැබෙනවා.

    WhatsApp Image 2023 04 05 at 11.38.16 AM

    WhatsApp Image 2023 04 05 at 11.38.15 AM 2

    WhatsApp Image 2023 04 05 at 11.38.15 AM 1

     

    Last modified on බදාදා, 05 අප්‍රේල් 2023 11:49

    Latest News