තවත් ලාංකිකයින් 1,400 ක් මේ සතිය තුළදී දිවයිනට

ජන 03, 2021

    චෙන්නායි, මෙල්බන්, කුවේට්, දෝහා, ටොරන්ටෝ, සයිප්‍රස් සහ ඩුබායි හි සිට ශ්‍රී ලාංකිකයින් 1,400 දෙනෙකු මේ සතිය තුළදී මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම අඛණ්ඩව සිදුවන අතර, තවත් 68,000ක පමණ පිරිසක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනගතව සිටී. පසුගිය පෙබරවාරි සිට මේ දක්වා රටවල් 137ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 60,470 ක් ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ.

    ඉන් වැඩිම පිරිසක් මැදපෙරදිගින් ගෙන්වාගෙන ඇති අතර, විදේශයන්හි පවතින තත්වය, සේවයෙන් ඉවත් කිරිම් ආදී කරුණු හේතුවෙන් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එම අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

    Latest News