බැංකුවෙන් මුදල් පැන්නුවාට අධිකරණය දුන් දඩුවම

ජන 23, 2019

    රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් වංචා කළ තවත් රාජ්‍ය බැංකුවක ණය නිලධාරියෙක් වාණිජ අපරාධ පරීක්ෂන දොපර්තමේන්තුව විසින් අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

    මෙම නිලධාරියා රාජ්‍ය බැංකුවක ණය නිලධාරියකු ලෙස සේවය කරමින් සිටින අතරතුර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ණය 16ක් ලබා ගෙන ඒවාට අදාළ මුදල් වෙනත් රාජ්‍ය බැංකුවකට මාරු කර ඇති බවත්, එම ගිණුම එම රාජ්‍ය බැංකු ගිණුම් හිමියකුගේ නැති වූ හැදුණුම්පතක් උපයෝගි කරගිනිමින් ආරම්භ කළ ගිණුමක් බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

    රාජ්‍ය බැංකුව ආධාර කරගෙන ණය ගත් පුද්ලගයන් 120 කගේ පමණ ණය වාරික ගෙවන අවස්ථාවේ ඒවා අයකරගෙන එම මුදල් යොමු නො‍කොට එම මුදල් උපයෝගි කරගෙන රුපියල් ලක්ෂ 36ක් පමණ සැකකරු ලබා ගත් ණය සඳහා ගෙවා ඇති බවට සිදු කළ විමර්ශන මගින් අනාවරණය කර ඇතැයි පොලිසිය අධිකරණයට කියා සිටියේය.

    ණය ලබා ගත් ණය හිමියන් ණය වාරික නොගෙවීම මත විමර්ශන සිදු කරන අවස්ථාවේ මේ වංචාව අනාවරණය වී ඇති අතර රාජ්‍ය බැංකුවකින් ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කළ බව පොලිසිය අධිකරණයට කියා සිටියේය.

     

    Last modified on බදාදා, 23 ජනවාරි 2019 10:42

    Latest News