සතොසෙන් අඩු මිලට දේශීය මුහුණ ආවරණ

ජන 02, 2021

    සතොස ආයතනය මඟින් අලෙවි කරන මුහුණු ආවරණ වලින් ලැබෙන ආදායමෙන් කොටසක් මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට බැර කරන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළා.

    ඒ සතොස ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා රාජකාරි අරඹමින් සතොස මූලස්ථානයේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමින්.

    දේශීයව නිෂ්පාදිත උසස් තත්වයේ මුහුණු ආවරණ සතොස මඟින් රුපියල් 15 ක මුදලකට මිළදී ගත හැකි බවයි, අමාත්‍යවරයා එහිදී සදහන් කළේ.

    ඒ් අනුව සෑම මුහුණු ආවරණයකින්ම රුපියලක මුදලක් ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට බැරවේ.

    Latest News