බන්ධනාගාර ගැටුම් පාලනයට විශේෂ ඒකකයක්

දෙසැ 24, 2020

    බන්ධනාගාරයේ සිදු වන කැරලි මර්දනයට හා ගැටුම් පාලනය කිරීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කියයි.

    බන්ධනාගාරගතව සිටින විශේෂ ගණයේ රැඳවූවන් සම්බන්ධයෙන් සොයා බැලීමද මේ ඒකකයට අයත් වන බවද උපුල්දෙණිය මහතා පවසයි.

    බන්ධනාගාර බුද්ධි අංශය, විශේෂ ඒකකයක් ලෙස ස්ථාපිත කරමින් ක්‍රියාත්මක මේ ඒකකය සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාවක් කඩිනමින් ඉදිරිපත් කෙරෙන බවද කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.

    මේ සඳහා කඩිනම් විසඳුමක් ලෙස වසර 12න් යුද හමුදාවෙන් ඉවත්වූ කණ්ඩායමක් නියාමකවරුන් ලෙස බඳවාගෙන සේවයේ යෙදවීමට පියවර ගෙන ඇතැයි පවසන උපුල්දෙණිය මහතා පෙන්වා දෙන්නේ ඔවුන්ට නිසි පුහුණුවක් හිමිවී ඇති බැවින් මේ එකකයේ සේවය කිරීමට පහසුවන බවය.

    ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පවතින සුරක්ෂිත, නීතිගරුක රටත්, ආරක්ෂක බළකායේ උපදෙස් පරිදි මේ ඒකකයේ කටයුතු සිදු කරන අතර බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ තහනම් ද්‍රව්‍ය ලැබීමේ අවස්ථා මර්දනයද මේ ඒකකය මගින් සිදුවනු ඇි.

    Latest News