‌ඉසිපතනාරාම රාජමහා විහාරස්ථානයේ පිවිසුම් දොරටුව, වාහල්කඩ සහ දානශාලාව සසුනට පූජා කෙරේ (වීඩියෝ)

දෙසැ 21, 2020
  • පොළොන්නරුව ‌‌ෙඑතිහාසික ඉසිපතනාරාම රාජමහා විහාරස්ථානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව, වාහල්කඩ සහ දානශාලා ගොඩනැගිල්ල සසුනට පූජා කිරීම ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණ.

    ප්‍රධාන පිවිසුම් ද්වාරයේ සහ ශ්‍රී පඤ්ඤාරංසි නාහිමි අනුස්මරණ දාන ශාලා ගොඩනැගිල්ලේ සමරු ඵලකය නිරාවරණය කළ අග්‍රාමාත්‍යවරයා අභිනව දාන ශාලාව විවෘත කළේය. අභිනව දාන ශාලා ගොඩනැගිල්ල ඉදිකරනු ලැබ ඇත්තේ පූජ්‍ය උඩගම ශ්‍රී ධම්මානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා පූජ්‍ය මාතලේ අනෝමදස්සි හිමියන්ගේ මඟ පෙන්වීම යටතේයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වය මීට ලැබී තිබේ.

    අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරි නිවාස හිමියන් බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ සුවදුක් විමසා බැලූහ. කොවිඩ්-19 වසංගතය හමුවේ ජන ජිවිතය නඟා සිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී නාහිමියන් දැනුවත් කළේය.

    අග්‍රාමාත්‍යවරයා අනතුරුව ජේතවන චෛත්‍යය වැඳපුදා ගෙන ජේතවනා ව්‍යාපෘති කෞතුකාගාරය සහ අභ්‍යන්තර මාර්ග පද්ධතිය විවෘත කළේය. ඒම ව්‍යාපෘති දෙක වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 132ක්. අනතුරුව මාර්ගය විවෘත කළේය. කෞතුකාගාරය ඉදිරිපිට රුක්රෝපණ වැඩසටහනක් ද පැවැත්විණ.

    අනතුරුව අනුරාධපුර, අරිප්පු මාර්ගයේ පිහිටි නව සංඝමිත්තා සිල්මාතා පුහුණු අභ්‍යාස ආයතනය සිල් මැණියන් වහන්සේ උදෙසා පූජා කෙරිණ. ත්‍රිපිඨක අත්වැල සහ විද්්‍යුත් ත්‍රිවිඨක ටැබ් යන්ත්‍ර 30ක් පූජ්‍ය කඩවල නන්දරතන හිමි හා කොත්මලේ කුමාර කස්සප හිමි විසින් මේ ආයතනයේ ප්‍රයෝජනය සඳහා අග්‍රාමාත්‍යතුමාට බාරදීම ද, මෙහිදී සිදුවිය. පූජ්‍ය පල්ලේගම හේමරතන, පූජ්‍ය හල්මිල්ලෑවේ රතනපාල යන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය ද, අමාත්‍ය ඒස්.ඒම්.චන්ද්‍රසේන මහතා සහ දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, චන්න ජයසුමන යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට ඒක්ව සිටියහ.

    Last modified on සදුදා, 21 දෙසැම්බර් 2020 19:59

    Latest News