සමාජ මාධ්‍ය නියාමනය ගැන ජනමාධ්‍ය අමාත්‍යවරයා දක්වන අදහස (වීඩියෝ)

දෙසැ 21, 2020
  • සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධ පුවතක් ඒම ප්‍රකාශයේ සම්පූර්ණ අදහස ගම්‍ය නොවන ලෙස හා නිවැරදි අර්ථය නිරූපනය නොවන අයුරින් සංසරණය වෙමින් පවතින බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 

    අමාත්‍යවරයා ඒ් ගැන පැහැදිලි කරමින් සිදුකර ඇති ප්‍රකාශය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍ය වෙත යොමුකර තිබේ. ඒම නිවේදනයේ දැක්වෙන්නේ අදාළ ප්‍රකාශය මගින් රජය අදහස් කරන්නේ, සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමක් නොව, මේ වනවිට ලොව පුරා රාජ්‍යයන්හි අවධානය යොමුව ඇති කරුණක් වන මම බහුජාතික සමාගම් ඩිජිටල් දත්ත පාලනය මගින් “අපගේ දේශීය ව්‍යාපාර යටපත් කරමින් සහ පවරා ගනිමින් සිටින්නේය” යන පණිවුඩය ලබාදීම බවයි.

    මෙම කරුණ අපගේ මධ්‍ය පරිමාන සමාගම් කෙරෙහි සෘජුවම බලපාන අතර, මෙය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කර්මාන්තකරුවන් අතර ද පවතින මතයක් බව නිවේදනයේ සඳහන්.

    මෙම ආක්‍රමණකාරී ක්‍රමවේදයන් හේතුවෙන් ඩිජිටල් වේදිකා හරහා විශාල මුදල් ප්‍රමාණයක් රටින් පිටතට ඇදී යයි.  ඒබැවින් රජය අදහස් කරනුයේ විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන් ලියාපදිංචි කිරීම වන අතර, ඉහත ප්‍රකාශය මගින් අදහස් කර ඇත්තේ සමාජ මාධ්‍ය හා ඩිජිටල් වේදිකා භාවිත කරන්නන් ලියාපදංචි කිරීම නොවන බව නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

    Last modified on සදුදා, 21 දෙසැම්බර් 2020 20:14

    Latest News