පොළොන්නරුව ‍සොළොස්මස්ථාන රජමහා‌ විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ (වීඩියෝ)

දෙසැ 21, 2020
  • පොළොන්නරුව ‍ඓතිහාසික සොළොස්මස්ථාන රජමහා‌ විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදාන පූණ්‍යෝත්සවය ඊයේ පැවැත්විණ. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගල්ගේ විහාරය උත්තරාරාමයේ දී.

    ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා, අනතුරුව සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති මහනුවර අස්ගිරි පාර්ශ්වයේ ගෙඩිගේ රජමහා විහාරාධිපති පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් වෙත සන්නස් පත්‍රය ප්‍රදානය කළේය. මෙහිදී වෙඬරුවේ උපාලි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආරාධිත මැති-ඇමතිවරුන් සඳහා ආශීර්වාද පිරිත් දේශනාවක් පැවැත්වූහ. පොළොන්නරුව ‌ෙඒතිහාසික සොළොස්මස්ථාන රජමහා විහාරය අති විශේෂ ගැසට් පත්‍රයකින් පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

    රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ද, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on සදුදා, 21 දෙසැම්බර් 2020 19:59

    Latest News