ශ්‍රී ලංකා මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක්

දෙසැ 19, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරුන් ලෙස කටයුතු කළ ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය සහ එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර මහතා 2020 දෙසැම්බර් 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කර ඇත.

    මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය සහිතව මුදල් මණ්ඩලය මෙම උසස්වීම කර තිබේ.

    ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 30කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇති බැංකු අධීක්ෂන හා නියාමන, විදේශ විනිමය කළමනාකරණ සහ ව්‍යවහාර මුදල් කළමනාකරණ යන ක්ෂේත්‍රවල විශේෂ පළපුරුද්දක් දරයි.

    ඇය එම කාලයේදී බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ විනිමය පාලක ලෙස ද සේවය කළාය.

    නියෝජ්‍ය අධිපති ලෙස උසස් කිරීමට පෙර ප්‍රනාන්දු මහත්මිය බැංකු අධීක්ෂණ, ව්‍යවහාර මුදල්, විදේශ විනිමය සහ අර්ථ සාධක අරමුදල් යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති ලෙස කටයුතු කළාය.

    ප්‍රනාන්දු මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී උපාධිය ද හිමි කරගෙන ඇත.

    Latest News