නුවරඑළියේ විශේෂ සංචාරක කලාපයේ ඉදිකිරිම් අද සිට

දෙසැ 19, 2020

    නුවරඑළිය විශේෂ සංචාරක කලාපයේ ඉදිකිරිම් අදින් ආරම්භ වනවා.

    ඒ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්. නුවරඑළියේ සිට කිතුල්ගල, මහනුවර සහ බදුල්ල කේන්ද්‍ර කරගනිමින් සංචාරක කලාපයක් ලෙස ප‍්‍රවර්ධනයයි සැලසුම.

    නුවරඑළියේ සිට නානුඔයට කේබල් කාර් පද්ධතියක් ද ආරම්භ කරනවා.

    කොටගල තෙත්බිම් උද්‍යානය සංවර්ධනයට වැයකරන මුදල රුපියල් මිලියන 270 ක්.

    නුවරඑළිය තුරග තරඟ පිටිය ද රුපියල් මිලියන 700 ක වියදමෙන් සංවර්ධනය කරන බවයි, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රසාද් රණවීර මහතා සදහන් කළේ.

     

    Latest News