ඉන්දියාව සමග ගිවිසුම් හතරකට අත්සන් තබයි

දෙසැ 19, 2020

    ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, කීර්ති රංජිත් අ‌බේසිරිවර්ධන මහතා දැනට ක්‍රියාත්මක ආදර්ශ ගම්මානය හා ග්‍රාම ශක්ති නිවාස ව්‍යාපෘති තුනක් විධිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් හතරකට අත්සන් තැබීය.

    අවබෝධතා ගිවිසුම් අත්සන් කරනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය ඉන්දිකා අනුරුද්ධ මහතා ඉදිරියේ බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

    මෙම අවබෝධතා ගිවිසුම් මගින් ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හැකි වේ.

    ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ දිවයින පුරා නිවාස නොමැති, අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2400 ක් නිවාස වැඩසටහන් හතර යටතේ ඉදිවෙමින් පවතින බවයි.

    ආදර්ශ ගම්මාන නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 600 ක් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරා ඒ ව්‍යාප්ත වී ඇත.

    දකුණු පළාතේ ග්‍රාම ශක්ති නිවාස ව්‍යාපෘති දෙකක් යටතේ නිවාස 1200 ක් ඉදිකරන අතර ග්‍රාම ශක්ති නිවාස ව්‍යාපෘතිය යටතේ තවත් නිවාස 600 ක් උතුරු පළාතේ ඉදිවෙමින් පවතී.

    වැඩසටහන් හතර යටතේ නිවාස 96 ක් දැනටමත් අවසන් කර ඇත.

    මෙම සියලු ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා රජයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

    නිවාස යෝජනා ක්‍රම හතර ඉන්දියානු රජයේ ප්‍රමුඛ ඉන්දියානු නිවාස වැඩසටහනට අමතරව නිවාස 50,000 කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් ඉදිකර ඇත.

    ශ්‍රී ලංකාවේ වතුකරයේ තවත් නිවාස 10,000 ක් ඉදිකිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.

    ඉන්දියානු රජය විසින් ජනතාව කේන්ද්‍ර කරගත්, ප්‍රජා මූලික සංවර්ධන ආධාර වැඩසටහන් මගින් දිවයින පුරා නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.

    සංවර්ධන ආධාර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3.5 ක් පමණ ඉන්දියාව වැය කරනු ලබයි.

    මෙයින් ඇමරිකානු ඩොලර් මිලියන 560 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදානයන් ලෙස පිරිනමන අතර.

    අධ්‍යාපනය, පර්යේෂණ සහ පුහුණුව, සෞඛ්‍ය සහ වෛද්‍ය සේවා, කාර්මික සංවර්ධනය, ජීවනෝපාය සහ නිවාස, ප්‍රවාහනය, වෘත්තීය පුහුණුව සහ කලාව, ක්‍රීඩා හා සංස්කෘතිය යන අංශ හරහා මෙය ව්‍යාප්ත වී ඇත.

    Latest News