කොළඹට පැය 18ක ජල කප්පාදුවක්

දෙසැ 19, 2020

    කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (19) පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

    ඒ අනූව අද පෙරවරු 09.00 සිට හෙට (20) අලුයම 03.00 දක්වා කොළඹ 01, 02,10 සහ 12 යන ප්‍රදේශවලට ජල සැපයුම් අත්හිටුවේ.

    එම කාලය තුළ කොළඹ 03, 04, 07, 08 සහ 09 යන ප්‍රදේශවලට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

    ප්‍රධාන සම්ප්‍රේෂණ නල මාර්ගයක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

    Latest News