හෙට කොළඹට පැය 18ක ජල කප්පාදුවක්

දෙසැ 18, 2020

    කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (19) උදෑසන 09.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනූව හෙට පෙරවරු 09.00 සිට 20 වන ඉරිදා අලුයම 03.00 දක්වා කොළඹ 01, 02,10 සහ 12 යන ප්‍රදේශවලට ජල සැපයුම් අත්හිටුවනු ඇති.

    අදාළ කාලය තුළ කොළඹ 03, 04, 07, 08 සහ 09 යන ප්‍රදේශවලට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

    ප්‍රධාන සම්ප්‍රේෂණ නල මාර්ගයක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවී ඇති බව එම මණ්ඩලය පවසයි.

    Latest News