අඩුම උෂ්ණත්වය නුවරඑළියට

ජන 21, 2019

    මෑත කාලයේ මෙරට අඩුම උෂ්ණත්වය ඊයේ නුවරඑළියෙන් වාර්තා විය.

    එය සෙල්සියස් අංශක 4.6ක්. ශීත දේශගුණයට හේතුවී ඇත්තේ, ඉන්දියානු උප මහද්වීපය හරහා සුළං හමාඒමයි. ශ්‍රී ලංකාවට ඉහළ වළාකුළුවලින් තොර අහසක් පැවතීම ද තවත් හේතුවක්.

    මේ නිසා වියළි කාලගුණයක් සමඟ සිසිල් සුළං ප්‍රවාහයක් ඇතිවේ. ඉදිරි දින කිහිපයේ ද මෙම ස්වභාවය පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී. 1914 වසරේ නුවරඑළියෙන් සෘණ 3.7ක උෂ්ණත්ව අගයක් වාර්තා විය. 1918 දී සෘණ 2.5ක් හා 1929 දී සෘණ 2.6ක් සටහන් ව තිබේ.

    ජනවාරි මාසයේ නුවරඑළියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.4ක් ලෙස පවතී. මේ නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල්තුහින ඇතිවීම ද දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     

    Latest News