කොවිඩ් 19 රෝගියෙක් වැලිසර ළය රෝහලෙන් පළා යයි

දෙසැ 16, 2020

    කොවිඩ් -19 රෝගියෙක් වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

    එසේ පැන ගිය කොවිඩ් -19 ආසාදිතයාගේ ඡායාරූපයක් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කර තිබේ.

    මෙම පුද්ගලයා පිළිබඳව යම් තොරතුරක් ලදහොත් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ 119 හදිසි ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    ඊයේ (15) පස්වරුවේ ඔහු රෝහලෙන් පළාගොස් ඇති තිබුණි.

    මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 43 හැවිරිදි අදාළ පුද්ගලයා ක්ෂය රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගියදා වැලිසර ළය රෝහලට ඇතුළත් වී තිබේ.

    පසුව සිදුකළ PCR පරීක්ෂණයකදී ඔහු කොවිඩ් -19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත.

    සැකකාර රෝගියා සොයා පොලිස් පරීක්ෂණ සිදු කෙරේ.

    Latest News