පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිධූරය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට

දෙසැ 16, 2020

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත්වී තිබේ.

    එම සංසදයේ සම උපසභාපතිවරියන් ලෙස නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය පත්වී තිබේ.

    මෙම පත්වීම් සිදු කරනු ලැබුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ පළමු රැස්වීමේදීයි. මෙම රැස්වීමට තලතා අතුකෝරළ, හරිනි අමරසූරිය, ඩයනා ගමගේ, කෝකිලා ගුණවර්ධන, මකජුලා දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ද සහභාගී වී සිටියහ.

    මෙහිදී පාර්ලිමේන්තුව තුළ මෙන්ම සමස්තයක් ලෙස ලංකාවේ දේශපාලය ක්ෂේත්‍රය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා ගතයුතු පියවරයන් පිළිබඳව මන්ත්‍රීවරියන් විසින් සාකච්ඡා කරන ලදී. ඒ සඳහා දේශපාලනමය වශයෙන් මෙන්ම ආකල්පමය වශයෙන්ද සමාජය දැනුවත් කිරීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කළ යතු බවට සියළු මන්ත්‍රීවරියන්ගේ එකඟතාවයපලවිය.

    මෙයට අමතරව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේදී කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් කළයුතු යොජනාවලිය සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කිරීමටද සංසදයේදී තීරණය විය.

    Latest News