නිරෝධායන නීති කඩකල 41ක් අත්අඩංගුවට

දෙසැ 14, 2020

    දුරස්ථභාවය තබා නොගැනීම සහ මුව ආවරණ නොපැළදීම යන හේතුන් නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 41 දෙනෙක් ඊයේ (13) දිනය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අනූව පසුගිය ඔක්තෝබර් මස 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1390 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

    Latest News