අද සිට රාත්‍රී උල්කාපාත වර්ෂාවක්

දෙසැ 13, 2020

    අද සිට අනිද්දා දක්වා උල්කාපාත වර්ෂාවක් ජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව හිමිවෙයි.

    ඒ අනූව පැයකට කඩා වැටෙන උල්කා සංඛ්‍යාව 150ක් පමණ වනු ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාඥ ජනක අඩස්සූරිය මහතා සඳහන් කළේ අද රාත්‍රී 12.00න් පසු මෙම උල්කා වර්ෂාව රාත්‍රී අහසේ දක්නට ලැබෙන බවයි.

    එය හෙට සහ අනිද්දා දිනයේ ද නිරීක්ෂණය කළ හැකි වෙයි.

    Latest News