මෙරට ළාබාලතම කොවිඩ් මරණය වාර්තා වෙයි

දෙසැ 08, 2020

    මෙරටින් වාර්තා වූ ළාබාලත ම කොවිඩ්-19 මරණය අද (08) බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වූ බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

    ‍දින 20ක් වයසැති මෙම බිළිඳා නියුමෝනියාව හා කොවිඩ් තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මියගොස් තිබේ. තොටළඟ ප්‍රදේශයේ එම බිළිඳා දැඩි අසනීප තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රියේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබේ.

    බිළිඳා දැඩිලෙස නියුමෝනියා තත්ත්වයෙන් පෙළෙමින් සිටි බව වෛද්‍යවරුන් හඳුනාගැනීමෙන් පසුව, සිදුකළ පීසීආර් පරීක්ෂාවෙන් තහවුරු වී ඇත්තේ එම බිළිඳාට කොවිඩ් වැළඳී ඇති බවයි.

    කෙසේ වෙතත් බිළිඳාගේ මව්පියන්ට කොවිඩ්-19 ආසාදනය වී නොමැති බව ඔවුන්ට සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

    Last modified on අඟහරුවාදා, 08 දෙසැම්බර් 2020 19:16

    Latest News