පොල් ඉඩම්වල වැලි කැනීමට බලපත් නිකුත් කිරීම අත්හිටුවේ

දෙසැ 06, 2020

    පොල් ඉඩම්වල වැලි කැනීම සඳහා බලපත් නිකුත් කිරීම අත්හිටුවා තිබෙනවා.

    පොල් ඉඩම්වල වැලි කැනීම් හේතුවෙන් බරපතල පාරිසරික හානියක් මෙන්ම පොල් ඵලදාව අඩුවීම කෙරෙහි ද බලපා තිබෙනවා.

    ඒ අනුව පොල් ඉඩම්වල වැලි කැනීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ පැවති පරිසර අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා.

    වෙළෙඳපොළේ පොල් මිල ඉහළයාමට ප්‍රධාන වශයෙන් මෙය බලපා ඇති අතර, පොල් අස්වැන්න වාර්ෂිකව පහළ යාමට මෙම වැලි කැනීම් හේතුවන බව මෙහිදී අවධාරණය කෙරුණා.

    Latest News