වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීමට පියවර

දෙසැ 06, 2020

    වතු කම්කරුවන් වෙනුවෙන් අය වැයෙන් පොරොන්දු වූ රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

    කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශ කාරක සභාව හමුවේයි ඒ මහතා මේ බව කියා සිටියේ.

    අයවැය සම්මත වීමෙන් පසු අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කොට වතු කම්කරු වැටුප ඉහළ නැංවීමේ වැඩපිළිවෙළ සැකසීම වහා අරඹන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

    නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීමට සමත් නොවූ සහ නිසි ලෙස රැක බලා නොගත් වතු රජයට පවරා ගැනීමේ පනතක් ද ගෙන එන බව නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළා.

    කම්කරුවන්ගේ පැමිණිලි වලට ඇහුම්කන් දීමට සහ ඔවුනට උපදෙස් ලබා දීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වුණා.

    Latest News