මොහිණී ඇල්ල අසළ පස් කන්දක් කඩා වැටේ

දෙසැ 05, 2020

    නල්ලතන්නිය, මොහිණි ඇල්ල අසල පස් කන්දක් අද උදෑසන 9.00ට පමණ ප්‍රධාන මාර්ගයට කඩා වැටී තිබේ.

    කඩා වැටුණු පස් කන්ද නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරින් විසින් ඉවත් කිරිමට කටයුතු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

    මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන ලද මාර්ගයට ඉහළින් වූ මෙම පස් කන්ද කඩා වැටුණු බවත්, පවතින වර්ෂාවත් සමග තවදුරටත් එම ස්ථානයේ පස් කදු කඩා වැටිමේ අවධානමක්ද පවතින බවත් නල්ලතන්නිය පොලිසිය වැඩිදුරටත් පවසයි.

    Latest News