බුරවි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන

දෙසැ 05, 2020

    “බුරවි” සුළි කුණාටුවෙන් ආපදාවට පත් උතුර සහ උතුරුමැද ප්‍රදේශයන්හි ජනතාව වෙත ආපදා සහන සැලසීම සඳහා යුධ හමුදා සහ නාවික හමුදාව සහය දක්වමින් සිටියි.

    ඒ අනූව, හානියට පත් දේපළ පිළිසකර කිරීම්, ආපදාවට පත් පුද්ගලයන් වෙත වියළි සහ පිසූ ආහාර ලබාදීම් ආදී සහන සැලසීම් රැසක් ක්‍රියාත්මකයි.

    පුංගුඩුතිව් දූප‍තේ ඇතිවු ජල ගැලීම් හේතුවෙන් ආපදාවට පත් පවුල් පනහක් ආරක්ෂිත ස්ථාන හතරක් වෙත රැගෙන යාමට නාවික හමුදාව පසුගිය දා (03) කටයුතු කළේය.

    'කොවිඩ් 19' සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් ආපදාවට පත් ජනතාව වෙත අවශ්‍ය වියළි හා පිසූ ආහාර, සනීපාරක්ෂක සහ වෛද්‍ය පහසුකම් සලසා දීම සිදු කෙරේ.

    Last modified on සෙනසුරාදා, 05 දෙසැම්බර් 2020 12:53

    Latest News