නයිනමඩම 06 ක් මැරු මෝටර් රථයේ පිස්තොලයක් - ජීව උණ්ඩ (විඩියෝ)

ජන 20, 2019
  • Update - වෙන්නප්පුව - නයිනමඩම, බෝලවත්ත ප්‍රදේශයේදී පුද්ලගයින් 6 දෙනකු මරණයට පත් කරමින්  අනතුර සිදුවූ මෝටර් රථය තුළ තිබී මිලි මීටර් 8 ප්‍රමාණයේ උණ්ඩ දැමිය හැකි පිස්තෝලයක් හමුවූ බව පොලීසිය පවසයි.

     ඉතාලියේ නිෂ්පාදිත මෙම පිස්තෝලයේ තිබී ජීව උණ්ඩ 08 ක්ද හමුවී ඇත. කොළඹ හලාවත මාර්ගයේ බෝලවත්ත රංගම්මුල්ල පාලම අසල අද (20) අලුයම සිදු වු අනතුරකින් පුද්ගලයින්  6 දෙනෙකු  මියගොස් තිදෙනෙක් තුවාල ලැබුහ. 

    මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව උල්හිටියාව ප‍්‍රදේශයේ පදිංචි ධානපති ව්‍යපාරිකයෙකු වන ප‍්‍රදීප් ලෝවු (40), සුරංග සම්පත්,  එම් බණ්ඩාර, සංජීව ප‍්‍රනාන්දු, ජනිත් ප‍්‍රනාන්දු, මංජු ප‍්‍රනාන්දු ඇතුලු  පිරිසකි.

    වෙන්නප්පුව;රිය අනතුරකින් 6ක් මරුට (ඡායාරූප) (11.00)

    කොළඹ - හලාවත මාර්ගයේ වෙන්නප්පුව, නයිනමඩම පාලම අසළ දී මෝටර් රථයක් ඉදිරියෙන් ගමන් කළ මාළු ලොරියක පිටුපස ගැටීමෙන්, මෝටර් රථයේ ගමන් ගත් 6 දෙනෙකු මිය ගොස් තිබේ. තවත් තිදෙනෙක් බරපතල තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් මීගමුව හා මාරවිල රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණය පත්ව ඇති බවයි, පොලිස් මූලස්ථානය පවසන්නේ. තවත් පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.

    මෘත ශරීර 4ක් මාරවිල රෝහලේ ද, මෘත ශරීර 02ක් මීගමුව රෝහලේ ද තැන්පත් කර ඇත. වෙන්නප්පුව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. 

     

    acc1

    acc2

    acc4

    acc5

    acc9

    acc6

    acc7

    Last modified on ඉරිදා, 20 ජනවාරි 2019 13:47

    Latest News