අනවසර ඇතුලුවිමට ගිය 04ක් මාට්ටු

ජන 19, 2019

    නීති වි‍රෝධී ලෙස මෙරටට සංක්‍රමණයවිමට උත්සහ කළ පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    උතුරු නාවික විධානයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවික පිරිසක් විසින් ඊයේ (18) සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රා දෙකක් නිරික්ෂණය කර ඇත.

    ඒ අනුව එම යාත්‍රා දෙසට නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක බලකායට අයත් වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් පිටත් කර යැවිමට කටයුතු කර තිබේ. අනවසර ලෙස ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය විමට උත්සහ කරන ලද පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇති අතර, කන්කසන්තුරෙයි ශ්‍රී ලංකා නාවික කඳුවර වෙත ඔවුන් රැ‍ගෙන ඒමෙන් පසු ප්‍රථමධාර සහ වෛද්‍ය පහසුකම් සැපයිමට නාවික හමුදාව කටයුතු කෙරිණ.

    නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් ශ්‍රී ලංකික පුද්ගලයින් බවට හඳුනා ගෙන ඇති අතර, ඉදිරි පරීක්ෂණ සඳහා ඔවුන් කන්කසන්තුරෙයි පොලීසිය වෙත භාර දී තිබේ.

    Latest News