සුවය ලැබූ පිරිසේ ප්‍රතිශතය 72.39ක්

නොවැ 30, 2020

    කොවිඩ් - 19 රෝගය වැළඳුණු දාහත් දහස් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගෙන් සුවය ලැබූ පිරිස දහ තුන් දහසකට අධිකයි.

    කොවිඩ් 19 රෝගය වැළඳී සුවය ලැබූ සමස්ත පිරිසේ ප්‍රතිශතය 72.39ක්. සියයට 27.12ක පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින අතර 5926 දෙනෙක් ඊට ඇතුළත්.

    මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව සමස්ත රෝගීන් සංඛ්‍යාව දහ නව දහස් 942ක්. එම පිරිසෙන් 13,594 දෙනෙක් සුවය ලබා සිටියි. එම ප්‍රතිශතය 68.17ක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 31.83%ක පිරිසක් පමණයි.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති කොවිඩ්-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් විසි දෙනෙක් පූර්ණ සුවය ලබා අද පිටව ගියේය. ඔවුන් කොළඹ,ගම්පහ,මහනුවර සහ කළුතර යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්.

    Latest News