හිටපු ඇමති බැසිල් රාජපක්ෂ නිදහස් කෙරේ

නොවැ 30, 2020

    2015 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල් වලින් රුපියල් මිලියන 2992 කට අධික මුදලක් වැය කර දිවිනැගුම සහනාධාර ලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටි හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

    කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

    මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් ද මෙසේ නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණා.

    Latest News