"පට්ටලේ සමීර" අත්අඩංගුවට

නොවැ 28, 2020

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු ලාල් නැමැත්තාගේ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙකු, පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය සමත්විය.

    මෙහෙයුම සිදු කරනු ලැබ ඇත්තේ, ඊයේ රාත්‍රී. කොට්ටාව ප්‍රදේශයේ නිවසකදී, සැකකරු අත්අඩංගුවට ගත් බව, පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. ඔහු සන්තකයේ තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලය රුසියාවේ නිෂ්පාදනය කරන ලද්දක්. විවිධ වර්ගවල ජීව උණ්ඩ 15ක්, කඩුවක් හා රම්බෝ පිහියක් ද, සොයා ගැණින. මෙම අපරාධ කල්ලි සාමාජිකයා පට්ටලේ සමීර ලෙස හැඳින්වෙන බව, වැඩිදුර පරීක්‍ෂණ පවත්වන කොට්ටාව පොලිසිය පවසයි.

    Latest News